අතුරුදන් වූ පාසැල් සිසුවිය සොයා දෙන්නැයි මවක් පොලිසිය දෙවනත් කරයි
Friday, 15 October 2021 - 11:01 | Views - 1,277
දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ටිකිරියාදුර නෙලූකා චාන්දනී නමැති 40 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. මග්ගොන, ගොඩැල්ල පරේ පදිංචිව සිටින ඇය එදින උදෑසන 9.15 ට පමණ තමන් වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙන විට දියණිය දක්නට නොලැබුණු බවත් ඇය සොයාදෙන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවත් හැඬූ කඳුලින් ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනීම් කටයුතු සඳහා මව විසින් දැරියට ජංගම දුරකථනයක් මිලදීගෙන ලබාදී ඇති අතර එම දුරකථනයට වෙනත් ජංගම දුරකතනයකින් නිතර නිතර ඇමතුම් ලබාගෙන ඇති බවත් එය මේ වනවිට විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි. එබැවින් දැරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබී ඇති දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top