පාසැල් අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි
Friday, 15 October 2021 - 8:48 | Views - 359
අනධ්‍යයන සේවකයන්ගේ සේවය ලබා ගැනීම සඳහා, පාසල් විවෘත කිරීමට නියමිතව ඇති ලබන 21 වනදාට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි සභාපති අජිත්. කේ. තිලකරත්න ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 21 වැනි දා සේවයට වාර්තා කිරීමට අනධ්‍යයන සේවකයන්ගේ සූදානමක් නොමැති බවයි.

මේ අතර, මේ දක්වා තමන්ට නිසි විසඳුමක් නොලැබී ඇති බැවින් 21 වැනි දා පාසල් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳව දැඩි තීන්දුවක් ගන්නා බව ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව වර්ජනයේ නිරත ගුරු -  විදුහල්පති වෘත්තීය සමිතිද පවසනවා.

පාසල් විවෘත කිරීමෙන් පසු සේවයට වාර්තා කිරීම සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top