පාසැල් අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි
Friday, 15 October 2021 - 8:48 | Views - 360
අනධ්‍යයන සේවකයන්ගේ සේවය ලබා ගැනීම සඳහා, පාසල් විවෘත කිරීමට නියමිතව ඇති ලබන 21 වනදාට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.
එහි සභාපති අජිත්. කේ. තිලකරත්න ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 21 වැනි දා සේවයට වාර්තා කිරීමට අනධ්‍යයන සේවකයන්ගේ සූදානමක් නොමැති බවයි.
මේ අතර, මේ දක්වා තමන්ට නිසි විසඳුමක් නොලැබී ඇති බැවින් 21 වැනි දා පාසල් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳව දැඩි තීන්දුවක් ගන්නා බව ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව වර්ජනයේ නිරත ගුරු - විදුහල්පති වෘත්තීය සමිතිද පවසනවා.
පාසල් විවෘත කිරීමෙන් පසු සේවයට වාර්තා කිරීම සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article