දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු
Friday, 15 October 2021 - 8:37 | Views - 328
දේශීය කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තාවනවා.  

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470ක් දක්වා ඉහළ දැමීමටයි මිල්කෝ සමාගමේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැති බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ අප කළ විමසීමකදී සඳහන් කළා.

එමෙන්ම, පැල්වත්ත සමාගමද දැනටමත් කිරිපිටි මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා. ඒ, රුපියල් 380ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 460ක් ලෙස මිල නියම කරමින්.

ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480ක් ලෙස සටහන් වුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top