උසස් පෙළ සිසුන් සඳහා එන්නත්කරණය හෙට දිනයේ දී
Thursday, 14 October 2021 - 12:30 | Views - 550
උසස් පෙළ සිසුන් සඳහා එන්නත්කරණය හෙට දිනයේදී ආරම්භ කෙරෙනු ඇති. ඔවුනට ලබා දීමට යෝජනා වී ඇත්තේ ෆයිසර් එන්නත යි.
හෙට දිනයේදී කොළඹ කලාපයේ පාසැල් මුල් කර ගනිමින් මෙසේ එන්නත්කරණය ඇරඹෙන අතර උසස් පෙළ සිසුන් සඳහා කලින් දැනුම් දී ඇති පරිදි තදබදයකින් තොරව උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා ළඟම පාසැල වෙත පැමිණ එන්නත ලබා ගත හැකි බවටයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
Share This Article