ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වන වසන්ත ප්‍රිය රාමනායක දිවියෙන් සමුගනී
Thursday, 14 October 2021 - 10:34 | Views - 246
80 දශකයේ සිට දසක හතරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක දිවියෙන් සමුගෙන තිබෙනවා.

මිය යන විට 67 වන වියේ පසු වූ එතුමා දෙදරු පියෙකි.

'පෙරමඟ' සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ වසන්ත රාමනායක, පසුව දෙසතිය' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස ද කටයුතු කර තිබුණා.

පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයේද ඔහු කටයුතු කළ අයෙක්.

කෙටි කලක් ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබවූ රාමනායක, ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකට වී සිටියා.

ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දි ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ (AMCA ) පුරෝගාමියා වන්නේ ද වසන්ත රාමනායක යි.

වසන්ත ප්‍රිය රාමනායක ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි.

මෙසේ යුග මෙහෙවරක් අවසානයේ දිවි සැරිය නිම කළ ප්‍රවීණ මාධ්‍යවේදි වසන්ත ප්‍රිය රාමනායකගේ අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top