ඉන්දීය කොවැක්සීන් එන්නත වයස අවුරුදු දෙකත් දහ අටත් අතර ළමයින්ට ලබාදීමට අනුමැතිය
Tuesday, 12 October 2021 - 15:38 | Views - 613
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මගින් නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත වයස අවුරුදු දෙකත් 18 ත් අතර ළමයින්ට ලබාදීමට ඉන්දීය රජයේ විද්වත් කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව එහි අවසන් අනුමැතිය එරට ඖෂධ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි. කොවැක්සීන් ඉන්දීය ළමයින් සඳහා අනුමත කළ දෙවන කොරෝනා එන්නතයි.

මීට පෙර ඉන්දීය සයිඩස් කැඩිලා ආයතනය මගින් නිෂ්පාදිත මාත්‍රා 3 කින් යුත් ඩී.එන්.ඒ. කොරෝනා එන්නතද වයස අවුරුදු 12 න් ඉහළ ළමයින් සඳහා එන්නත් කිරීමට අනුමැතිය හිමිවුණා.

සීරම් ආයතනයේ නොවැවැක්ස් එන්නත සහ බයොලොජිකල් ඊ ආයතනයේ කෝබේවැක්ස් කොරෝනා එන්නතද ළමයින් සඳහා එන්නත් කිරීමේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව මේ වනවිට එරට වැඩිහිටි ජනගහණයට කෝටි 96 ඉක්මවූ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, දැන් අවධානය යොමු කරන්නේ එරට ළමයින් එන්නත් කිරීමටයි.

කෙසේ නමුත් කෝටි 130 ඉක්මවූ ඉන්දීය ජනගහණයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව කෝටි 30 ඉක්මවන්නේ නැහැ.
 
Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 676 Views
Top