එන්නත ලබා නොගත් අය ගැන සෞඛ්‍ය අංශයෙන් කළ විශේෂ දැනුම්දීම (Video)
Tuesday, 12 October 2021 - 13:51 | Views - 766

නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අද දිනයේ සිදුකෙරුණා.
එසේම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද සිදු කරන එන්නත් කිරීමේ කටයුතු අද සිදු කෙරුණේ දෙවන දිනටයි.
දිවයිනට ලැබී ඇති කොරෝනා මර්දන එන්නත් කල් ඉකුත් වී ඇති බවට පසුගිය දින කිහිපයේ ප්‍රචාර දියත් වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.
ඒ, මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට තුන්වන වර්ධක මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.
සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වෛරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වෛරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමින්.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ, එලෙස වෛරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බවයි.
එමෙන්ම, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 14,313ක් හඳුනාගෙන ඇති අතර, එය මේ වසරේ මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ද අඩුවීමක් දක්නට ලැබෙන අතර ඊයේ දිනය තුළ වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 181ක් පමණයි.
මේ අතර, අඩු අවදානමක් සහිත රටවල් 10ක පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් සඳහා තායිලන්තය ලබන 1 වැනි දා සිට විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති තායිලන්ත සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීම එහි අරමුණයි.
Share This Article