කිසිදු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට ගෙනියනවා -රංජන්ගෙන් තර්ජනයක්
Tuesday, 12 October 2021 - 13:04 | Views - 644
මේ රජය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමක් සතු කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව රජය දේපල පැවරීමට සූදානම් වන ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිටත් පෞද්ගලික ගුවන් යානාවකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි.

අද දිනය තුළ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය පසුගිය මස 17 වැනි දා අත්සන් කළ ගිවිසුමේ ම දිගුවක් ලෙස අත්සන් කිරීමට සූදානම් වන්නක් බවටත් ඔහු චෝදනා කරනවා.

රටෙහි ජනතාවට සහ කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ සිදු කෙරෙන මෙම කූට ගිවිසුම්  අත්සන් තැබීම සම්බන්ධයෙන් වහාම රටට හෙළි කළ යුතු බවත් එය එසේ නොවන්නේ නම් දින කාල වේලා සඳහන් කිරීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීමට සිදු වන බවක් රන්ජන් ජයලාල් වැඩිදුරටත් පවසනවා.

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අදාළ සැලසුම අකුලා නොගන්නේ නම් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව විදුලි බල මණ්ඩලය වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බවයි.




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top