පසුගිය දිනවල මෙරට බොහෝ තැන් වල දැකගත හැකි වුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම් වල සිටීමයි. කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක රජය විසින් පසුගිය දින කිහිපය තුල විටින් විට එක් එක් භාණ්ඩ සඳහා වන මිල ඉහළ නැංවීමට ඉඩ ලබා දෙනු ලැබුවා. තත්ත්වය මෙසේ සටහන්ව තිබියදී වෙළඳපළේ හිඟ වූ ගෑස් වැනි දෑ අද දින හිඟයකින් තොරව වෙළඳපළ වෙත ලැබී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් පාරිභෝගිකයින් අද දින සිට ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට නම් කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 2,675ක් ද , කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 1,071 ක මිලක් ද , කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයකට රුපියල් 506 ක්ද වන ලෙස ගෙවීම් කල යුතු වනවා.
එසේම මිල ඉහළ නැංවුවද කිරිපිටි පැකට් වල පමණක් තවමත් අඩුවක් පවතින බවයි පාරිභෝගිකයන් සඳහන් කළේ.