කොරෝනාව බිළිගත් මෙරට අනාගත පරපුර (Video)
Tuesday, 12 October 2021 - 7:55 | Views - 843
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 490 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 526,873 ක් ලෙසයි.
නව කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමග මෙරට මුළු මරණ සංඛ්‍යාව ද 13,354 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, කොරෝනා ආසාදිතව මේ දක්වා මෙරට දරුවන් 67 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පැවසුවේ ඒ අතරින් 17 දෙනෙකු වයස මාසයකටත් අඩු බිළිදුන් බවයි.
Share This Article