උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය අර්බුදයක
Monday, 11 October 2021 - 16:44 | Views - 244
උතුරු පළාත් නව ආණ්ඩුකාර වරයා වශයෙන් ජීවන් ත්‍යාගරාජන් මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයකු වූ ජීවන් ත්‍යාගරාජන් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා නිර්දේශ කරනුයේ පසුගිය සතියේ මැද භාගයේදීයි.

ඉන් අනතුරුව පසුගිය සිකුරාදා ඔහු එතෙක් දරු මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වුණා.

මේ අතර අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර පී එම් එස් චාල්ස් කොළඹ ගල්කිස්සේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කොළඹ කාර්යාලයේදී දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ උතුරු පළාත් පාසල් විවෘත කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර වරිය නව සාමාන්‍යකරණය යටතේ උතුරු පළාතේ පාසල් විවෘත කිරීමට අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් ද සිදු කළා.

කෙසේ වෙතත් මෙහිදී ඇය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වීමක් හෝ ඒ පිළිබඳ කිසිදු සඳහනක් නො කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජීවන් ත්‍යාගරාජන් උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් දැනුම් දුන් පසු අප උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සම්බන්ද කරගැනීමට උත්සාහ දරුවා.

එහිදී අප සමග අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකරණ නිලධාරියා කියාසිටියේ මෙවන් තනතුරු මාරුවක් පිළිබඳ මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හෝ ආණ්ඩුකාරවරියට නිල වශයෙන් දැනුම් දී නැති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවදුරටත් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් පී එම් එස් චාල්ස් කටයුතු කරනු ඇති බවයි.

සරෝජනී චාල්ස් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් 02 වැනිදායි.

කීර්තිමත් පරිපාලන නිලධාරිනියක වන ඇය ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් කෙටි කලක් සේවය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top