ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළට
Monday, 11 October 2021 - 16:13 | Views - 5,966
ලොව ප්‍රධාන ආර්ථිකයන් රැසක් බලශක්ති අර්බුදයක් අභියස සිටියදී ලෝක වෙළදපළේ තෙල් මිල අද කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84යි ශත 1 දක්වා සියයට 2කින් පමණ ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්. ටී. අයි. තෙල් බැරලයක මිල සියයට 2.5කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 81යි ශත 30ක් ලෙසයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් මිල 2018 ඔක්තෝම්බරයෙන් පසු ඉහළම අගයට පත්ව ඇති අතර, ඇමරිකානු තෙල් මිල 2014 වසරෙන් පසු ඉහළ අගයන් සලකුණු කරනවා.
Share This Article