බත්, කොත්තු සහ කිරි තේ මිලත් ඉහළට
Monday, 11 October 2021 - 14:01 | Views - 1,298
බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

තිරිඟු පිටි, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි කැඳවුම්කරු අසේල සම්පත් කියා සිටියේ.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව එම සමාගම කිලෝග්‍රෑම් 12. 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 1257කින්.

මේ අතර තිරිඟු පිටි මිල ගණන්ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර තිබෙනවා.

සෙරන්ඩිබ් පිටි සමාගමෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තිරිඟු පිටි කිලෝවක මිල අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ගෑස් සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් පහකින් මිල ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ.




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top