ඇතැම් පළාත් වලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි (Video)
Monday, 11 October 2021 - 11:43 | Views - 475
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් - විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක්, මාවුස්සාකැලේ වාන් දොරටු තුනක්, ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු දෙක බැගින් සහ කැනියොන් ජලාශයෙන් එක් වාන් දොරටුවක්ද විවෘත කෙරුණා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.

මේ අතර දිවයිනට දකුණු සහ ගිනිකොන දිශාවෙන් පවතින මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top