ඇතැම් පළාත් වලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි (Video)
Monday, 11 October 2021 - 11:43 | Views - 476
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් - විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක්, මාවුස්සාකැලේ වාන් දොරටු තුනක්, ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු දෙක බැගින් සහ කැනියොන් ජලාශයෙන් එක් වාන් දොරටුවක්ද විවෘත කෙරුණා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.
මේ අතර දිවයිනට දකුණු සහ ගිනිකොන දිශාවෙන් පවතින මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article