ගැබිණි මව්වරුන්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දනුම් දීමක්
Monday, 11 October 2021 - 11:03 | Views - 783
කොවිඩ් ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.
සියලුම ගර්භණී මව්වරුන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට රෝහල්වල පහසුකම් තිබීම නිසා ඔවුන්ව රෝහල්වල තබාගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති බවත් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්ගේ යම් අඩුවක් මේ වන විට ඇති බවත් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.
ලංකාදීප
Share This Article