සිමෙන්ති සහ තිරිඟු පිටි මිල තීරණය වන්නේ අද
Monday, 11 October 2021 - 9:28 | Views - 859

සිමෙන්ති සහ තිරිඟු පිටි නව මිල ගණන් අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වනවා.
කිලෝග්‍රෑම් පණහක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200 කින් එනම්, රුපියල් 1,205 ක් දක්වා ඉහළ දැමීමට සැපයුම්කරුවන් දැනටමත් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට රජය එකඟතාව පළ කර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් ප්‍රීමා සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 ත් 20 ත් අතර මිලකින් ඉහළ දැමීමේ යෝජනාව අද දැනුම්දීමට කටයුතු කරන බවයි.
මේ අතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.
ඒ අනුව එම සමාගම කිලෝග්‍රෑම් 12. 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 1257කින්.
එම ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 2750ක් ලෙසයි.
එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින් ද කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් වැඩි කර ඇති බව එම සමාගම සඳහන් කළා.
ඒ අනුව කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101 ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984 කින් ඉහළ නංවනු ලැබුවා.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840 ක් ලෙසයි.
එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136 ක් ලෙස සටහන් වනවා.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195 ක් ලෙසයි.
ග්‍රෑම් හාරසියයයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480 ක් ලෙස සටහන් වුණා.
ආනයනික කිරිපිටි මෙන් දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට සිදුවන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කළා.
නව මිළ ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළට නිකුත් කිරිම අද සිට ආරම්භ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළා.
Share This Article