කොරෝනාවෙන් රැකියා අහිමි වුවන්ට අරමුදලක්
Friday, 08 October 2021 - 11:08 | Views - 691
කොරෝනා ආදී උවදුරු නිසා රැකියා අහිමි වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන සැලසීමට සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළා.
ගෘහ සේවයේ සිටින අයත් අර්ථසාධක අරමුදලට ඇතුළුවන සේවක කණ්ඩායමක් ලෙස නම් කරමින් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article