ආනයනික කිරිපිටි මිල ගණන් වෙනස් වෙයි
Friday, 08 October 2021 - 10:25 | Views - 1,041
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520කටත්, අලෙවි කිරීමට ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම්දීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර නොලැබීම නිසා කිරිපිටි ආනයනය අත්හිටුවීමට ආනයනකරුවන් තීරණය කර තිබුණා.

එමෙන්ම, වානිජ බැංකු හරහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ඔවුන් ගෙන් වූ කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම ද පමා වුණා.

එහෙත්, අදාළ විනිමය ලැබීමෙන් පසු එම කිරිපිටි තොග ලබන සඳුදා වරායෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

එම කිරිපිටි ඉහළ නැං වූ නව මිලට විකිණීමට ආනයනකරුවන් අදහස් කරනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top