ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර ඕමානයේ පැවති පලමු පන්දුවාර විස්ස තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මේ තරගයේ කාසිය වාසිය දිනාගත් ඕමාන නායක නීෂම් මක්සූඩ් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 162ක් රැස් කලා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වුයේ නොදැවී ලකුණු 83ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු සහ නොදැවී ලකුණු 51 රැස් කළ නායක දෂුන් ශානකයි.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමේ පළමු කඩුලු 4 මුළු ලකුණු සංඛ්‍යාව 23 ක් ව තිබියදී බිඳ වැටුණා.
නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සටන්කාමී පිතිහරඹයක දියත් කළ පසු පෙළ පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළදී ඕමාන කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ නංවා ගත්තා.
පන්දු 22 කදී ලකුණු හතළිහක් රැස්කර ගත් කඩුලු රකින ක්‍රීඩක නසීම් කුෂී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර මොහොමඩ් නයීම් ලකුණු 32ක් රැස්කර ගත්තා
පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර චාමික කරුණාරත්න සහ නුවන් ප්‍රදීප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරග දෙකකින් සමන්විත ඕමාන ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලබන 9 වෙනිදා පැවැත්වීමට නියමිතයි.