කිරිපිටි සඳුදා සිට වෙළඳපොලට එන ලකුණු
Thursday, 07 October 2021 - 19:40 | Views - 687
තමන් ගණුදෙනු සිදුකරන වානිජ බැංකු වෙත අද දිනයේදී මහබැංකුවෙන් ඩොලර් විනිමය ලැබුණු බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ ඩොලර් මිලියන 1 යි දශම 1 ක් මහබැංකුවෙන් එක් වාණිජ බැංකුවක් වෙත ලැබී ඇති බවයි.
ඒ අනුව සඳුදා වනවිට වරාය තුල මේ වනවිට සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
කොළඹ වරායේ සිරවී තිබෙන කිරිපිටි මෙටි්රක් ටොන් 360 ක් නිදහස් කර ගැනීමටයි ආනයනකරුවන් මෙම ඩොලර් විනිමය අපේක්ෂා කළේ.
Share This Article