හිඟ විදුලි බිලට සහනයක්
Thursday, 07 October 2021 - 16:50 | Views - 1,290
හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.
"මේ මාස 2ට අපිට බිලියන 44ක හිඟ මුදල් අයකර ගන්න තියෙනවා. නමුත් අපි තීරණයක් ගෙන තිබෙනවා හිඟ තියෙන අයට මාස 12කින් ඒක ගෙවන්න දෙන්න. හැබැයි ඒ මාසේ බිලත් එක්ක ගෙවන්න ඕනේ."
Share This Article