ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්රිප්ටොකරන්සි මයිනින් තාක්ෂණය සඳහා ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
කලාපයේ ගෝලීය පාර්ශවකරුවන් හා සමව කටයුතු කිරීමට මෙන්ම, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පුළුල් ලෙස ප්‍රවේශ වීමට ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම අවස්ථාවක් බව හඳුනා ගැණුනා.
ඒ සඳහා කමිටුවක් පත් කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවූ අතර, ඒ අනුවයි ගණකාධිකරණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන සුජීව මුදලිගේගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව පත් කර ඇත්තේ.
බැංකුකරණ විශේෂඥයෙකු වූ සඳුන් හපුගොඩ, ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ධර්මසිරි කුමාරතුංග, තොරතුරු තාක්ෂණ ආයතනයේ නීති නිලධාරි ජයන්ත ප්‍රනාන්දු සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ එහි අනෙකුත් සාමාජිකයින්.
මෙම කමිටුව මඟින් ඩිජිටල් මුදල් පිලිබඳ ඩුබායි, මැලේසියාව, පිලිපීනය, යුරෝපා සංගමය සහ සිංගප්පූරුව ආදි රටවල ක්‍රියාත්මක යාන්ත්‍රණයන් පිළිබඳ සොයා බලා ශ්‍රී ලංකාවට ගැළපෙන රාමුවක් සකස් කිරීමට පියවර ගනු ඇති.