වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් මෙරට ගුරු දිනය සැමරෙන හෙට දිනයේ දීපව්‍යාප්ත උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.
මීට පෙර ද විරෝධතාවල නිරත වූ ඔවුන් නිරෝධායන ඇඳිරි නීතීය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඒවා අත්හිටුවා අඛන්ඩව ඔන්ලයින් ඉගැන්ව්මි කටයුතු වලින් ඉවත් විමේ වර්ජනය ක්‍රියාත්මක කළා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව හෙට උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ.
මේ අතර, කොවිඩ් තත්ත්වය මුළුමනින්ම පාලනය කර නොමැති තත්ත්වයක් තුළ ජනතා එකරාශිවීම් සිදු වුවහොත් යළි වෛරසය ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සඳහන් කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ද අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතාව සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවයි.