ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිලේ ඉහළම අගය සටහන් වෙයි
Tuesday, 05 October 2021 - 15:49 | Views - 7,689
ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අද වසර 3කින් ඉහළම අගයන් සලකුණු කළා.
ඔපෙක් සංවිධානය ඇතුළු ලොව ප්‍රධානතම තෙල් සැපයුම්කරුවන් නිෂ්පාදනය සීමා කිරීමට පියවර ගැනීම ඊට හේතුවයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ ඇමෙරිකානු ඩොලර් 81.66 දක්වා ඉහළ ගිය අතර ඊයේ දිනයේ ද තෙල් මිලෙහි 2.5%ක වැඩිවීමක් දක්නට ලැබුණා.
ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ද ඊයේ 2.3% කින් ඉහළ ගිය අතර අද දිනයේ සටහන් වූයේ ඩොලර් 77.92 ක් ලෙසයි.
මේ වසරේ මේ දක්වා ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල 50% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Share This Article