ළමයින් 200ට අඩු පළාත් සභා පාසැල්වල ප්‍රාථමික අංශය ඔක්තෝම්බර් 21 ඇරඹෙයි
Tuesday, 05 October 2021 - 15:32 | Views - 5,063
පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසැල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ මේ මස 21 වනදා එම පාසැල් යළි විවෘත කිරීමට යි.මීට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පාසැල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන්නා.



Share This Article