ඔක්සි මීටරයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනගන්නේ මෙහෙමයි
Tuesday, 05 October 2021 - 12:34 | Views - 943
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාව සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ප්‍රධාන ලක්ෂණ ලෙස දැකගත හැකිය.

පසුගිය වකවානුවේ කොරෝනා රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වීමත් සමග ඔක්සි මීටරය පිළිබඳව කාගේත් කතා බහට ලක් වුණා .. ඔක්සිමීටර මඟින් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනීමේ හැකියාව ඇති අතර බොහෝ දෙනෙකු එය නිවැරදිව භාවිතා කරන අයුරු තවමත් නොදන්න බවට කිසිම සැකයක් නැහැ.

ඔක්සිමීටරය භාවිතා කරමින් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය මෙන්ම හෘද ස්පන්දන වේගය ද මැන ගැනීමේ හැකියාව පවතිනවා. එමගින් අප සිරුරේ ඔක්සිජන් ක්‍රියාකාරීත්වය සහ හෘද ස්පන්දන වේගය මැන ගැනීමෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය. එමෙන්ම ගුණාත්මක බවින් යුත් මීටරයක් භාවිතා කිරීම ඉතා වැදගත් බව මතකයේ තබා ගත යුතුයි.

ඔක්සි මීටරය භාවිත කරන අයුරු

අප අතෙහි ඇඟිලි සියල්ලටම ඔක්සිමීටරය සම්බන්ධ කිරීමෙන් යම් අගයක් ලබාගත හැකි වුවද , සම්මතයට අනුකූලව නිවැරදිව අගයක් ලබා ගත හැක්කේ දබර ඇඟිල්ලට සම්බන්ධ කිරීමෙන් බව මතකයේ තබා ගත යුතු වනවා. මෙහිදී දඹර ඇඟිල්ල හා සම්බන්ධ කළ යුතු පැත්ත පිළිබඳව ද අවබෝධයක් ලබාගත යුතුය.

ඔක්සිමීටරය ක්‍රියාත්මක කළ පසු එහි රතු එළියක් දැල්වන පැත්තෙන් ඔක්සි මීටරය විවෘත කර එහි ඇති සංවේදකය වැසෙන පරිදි ඔබේ දබර ඇඟිල්ල යොමු කිරීම වැදගත්.

තප්පර කීපයක් ඇතුලත අගයක් ලබා දෙන අතර එය රුධිරයේ ඔක්සිජන් අගය 100-95 දක්වා පැවතීම හොඳ අගයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම හෘද ස්පන්දනය 60 සිට 100 දක්වා යම්කිසි හොඳ අගයක් ලෙස සැලකිය හැකි අතර 72 ඉතා හොඳ අගයක් ලෙස සැලකිය හැකිය.

එමෙන් ම රුධිරයේ ඔක්සිජන් මට්ටම 90 වඩා පහළට ගියහොත් ඔබ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. එහිදී ඔබට ඔක්සිජන් ලබා දිය යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

මෙහිදී ඉතා වැදගත් වනුයේ රජයෙන් අනුමත කරන ලද ඔක්සි මීටරයක් භාවිතා කිරීමයි. නැතහොත් වැරදි උපකරණයක් භාවිතා කර වැරදි දත්ත මත වැරදි තීරණ ගැනීමෙන් අමාරුවේ වැටීමට ද ඔබට සිදුවනු නොවනු මානයි.

ලෝක ආබාධිත සහ පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සංගමයේ උප සභාපති ආචාර්ය සුජීව විරසිංහ
උපුටා ගැනීම - ලංකාදීප 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top