රටවල් රැසකින් ප්‍රසංග සඳහා යොහානිට ආරාධනා
Tuesday, 05 October 2021 - 12:03 | Views - 1,117
ජනපි‍්‍රය ගායිකා යොනාහි ද සිල්වා පෙරේදා හයිද්‍රාබාද්හි පැවැත්වූ සංගීත ප්‍රසංගය ඉතා සාර්ථක අන්දමින් අවසන් වුණා.
මීට පෙර ඇය පසුගිය 30 වෙනිදා ගුප්ගොන්හිදී ප්‍රසංගයක් පැවැත්වූවා.
යොහානි සමඟ මේ සංදර්ශන සඳහා ඇගේ ‘ලූනු’ සංගීත කණ්ඩායම සහභාගි වූ බවද දැකගන්නට ලැබුණා. මෙම සංචාරයේදී ඇය ඉන්දීය රූපවාහිනි නාලිකා රැසක් මෙන්ම පුවත්පත් කිහිපයකට සම්මුඛ සාකච්චා ලබාදී තිබිණා. ඉදිරියේදී යොහානි ඕමාන් ඩුබායි ලන්ඩනයේ හා මාලදිවයිනේදී ප්‍රසංග පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඇගේ කෙල්ල ඇල්බමයේ පළවූ ගීතය ලබන 09 වැනිදා නිකුත් කිරීමට නියමිත අතර යොහානි සමඟ සාකච්චාවක් පවත්වා ඇති තෙලන්ගානා ටුඬේ පුවත්පත ප්‍රකාශ කරන්නේ වික්‍රමාන්විත ජීවිතයක් ගතකරන මේ ගායිකාවගේ ගීතය අසා නැති අයෙක් වෙත්නම් ඔහු ගල්ලෙනක වෙසෙන්නෙක් පමණක්ම වන බවයි.
උපුටා ගැනීම - දිවයින
Share This Article