වසරකින් අවම අගයට පැමිණි ගෝලීය කොරෝනා මරණ
Tuesday, 05 October 2021 - 10:39 | Views - 994
වසරකට පමණ පසු සතියක් තුළ සටහන් වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියේ දී වාර්තා වී තිබෙනවා.

රටවල් මඟින් නිකුත් කරන ජාතික නිල දත්ත විශ්ලේෂණය කරමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ සැප්තැම්බර් 27 වැනි දා සිට ඔක්තෝම්බර් 03 වැනි දා දක්වා ලොව පුරා කොරෝනා මරණ 53,245ක් වාර්තා වී ඇති බවයි.

එය දිනකට මරණ 7,606ක සාමාන්‍යයක් ලෙස සැලකිය හැකියි.

ඒ අනුව ගෝලීය කොරෝනා වසංගතය අගෝස්තු මාසය අවසානයේ සිට අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එමඟින් සඳහන් කළේ.

වසංගතය උත්සන්න ව පැවති සමයේ, ලොව පුරා දෛනික කොරෝනා මරණවල සාමාන්‍යය දස දහස ඉක්ම වූවා.

සතියක කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියට වඩා අඩු අගයක් මීට පෙර වාර්තා කළේ, පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් 31 වැනි දා සිට නොවැම්බර් 06 වැනි දා දක්වා වූ සතිය තුළයි.

පසුගිය මාසය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව හතරෙන් එකකින් පමණ පහත වැටී තිබෙනවා.

ලොව පුරා එන්නත්කරණ වැඩසටහන් ප්‍රගතියක් ලැබීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි.

ඉහළ ආසාදන හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු අනෙකුත් ප්‍රභේද හේතුවෙන් වසරක් පුරා පැවති කොරෝනා වෛරස් රැල්ල පහළට යොමු කරමින් ආසාදිත සංඛ්‍යාව ද පහත වැටීමක් පෙන්නුම් කරනවා.

අගෝස්තු මාසය අවසානයට සාපේක්ෂ ව මේ වනවිට නව ආසාදිතයින් සංඛ්‍යාව ද තුනෙන් එකකින් පමණ අඩු වී ඇති බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top