බිඳ වැටී තිබූ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යය යළිත් යථා තත්ත්වයට
Tuesday, 05 October 2021 - 9:20 | Views - 358
පැය 06කට ආසන්න කාලයක් අක්‍රීය වී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය දැන් යළි සක්‍රීය වී ඇති බව එම මාධ්‍යයන් හිමි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 සිට පමණ මෙම සමාජ මාධ්‍ය වෙත අන්තර්ජාලය හෝ ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුම් ඔස්සේ පිවිසිය නො හැකි වුණා.

සමාජ මාධ්‍යය බිඳ වැටීම් පිළිබඳ ග්‍රාහක දත්තවලට අනුව මෙය මෙතෙක් ලොව සිදු වූ විශාලතම බිඳ වැටීමයි.

එහි දී ලොව පුරා සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ ගැටලු බිලියන 10.9 ක් වාර්තා වී තිබෙනවා.

මේ ආකාරයේ බිඳ වැටීමකට ෆේස්බුක් ආයතනය මීට පෙර වාර්තා වූයේ 2019 වසරේදී යි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3.30ට පමණ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වී තිබෙනවා.

එමෙන්ම, මෙලෙස සමාජ මාධ්‍යයේ බිඳ වැටීමට නිල වශයෙන් මෙතෙක් හේතු දක්වා නැහැ.

අන්තර්ජාල විශේෂඥයින් සැක කරන්නේ, ෆේස්බුක් වෙබ් අඩවිවල නාමකරන පද්ධතියේ ගැටලුවක් ඊට හේතුවිය හැකි බවයි.

මේ අතර, මෙම සමාජ මාධ්‍යවල බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් ආයතනයේ හිමිකරු වන මාර්ක් සකබර්ග්ට ඩොලර් බිලියන 06ක පමණ පාඩුවක් සිදු ව ඇති බව වාර්තා වනවා.

ඒ, පැය කිහිපයක් තුළ ෆේස්බුක් කොටස් අගය 5% කින් පමණ පහත වැටීමෙන්.

එමෙන්ම, ඒ සමඟම මාර්ක් සකබර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහත වැටී ඇත්තේ, ඔහු බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ බිල් ගේට්ස්ට වඩා පහළින් අංක පහේ ස්ථානයට පත් කරමින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top