පළාත් රැසකට තවදුරටත් තද වැසි
Monday, 04 October 2021 - 16:06 | Views - 417
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.
Share This Article