07 සහ 08 දෙදින තුළ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම්
Monday, 04 October 2021 - 14:00 | Views - 774
එළැඹෙන 07 සහ 08 යන දෙදින තුළ දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම විශ්වවිද්‍යාලයෙන් එන්නත් ලබාගැනීමට හැකියාව සලසා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන් අනතුරුව සරසවි යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, රට විවෘත කිරීමත් සමඟ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

සංගීත ප්‍රසංග සහ සිනමාශාලා යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රාසාංග කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ අතර, කොරෝනා ආසාදිතව හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිලි සමන්තා ඈපාසිංහ මියගොස් තිබෙනවා.

54 හැවිරිදි ඇය අසල්වැසියෝ, දත්කැකුළු පාලා වැනි ටෙලි නාට්‍යවල මෙන්ම රජෙක් වගේ පුතෙක්, ලොකු දුව වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top