07 සහ 08 දෙදින තුළ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම්
Monday, 04 October 2021 - 14:00 | Views - 775

එළැඹෙන 07 සහ 08 යන දෙදින තුළ දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම විශ්වවිද්‍යාලයෙන් එන්නත් ලබාගැනීමට හැකියාව සලසා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ඉන් අනතුරුව සරසවි යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර, රට විවෘත කිරීමත් සමඟ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.
සංගීත ප්‍රසංග සහ සිනමාශාලා යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රාසාංග කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මේ අතර, කොරෝනා ආසාදිතව හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිලි සමන්තා ඈපාසිංහ මියගොස් තිබෙනවා.
54 හැවිරිදි ඇය අසල්වැසියෝ, දත්කැකුළු පාලා වැනි ටෙලි නාට්‍යවල මෙන්ම රජෙක් වගේ පුතෙක්, ලොකු දුව වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.
Share This Article