ශ්රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් 'කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්' නිර්මාණය කර තිබෙනවා.
ඔන්ලයින් අවකාශය තුළ මෙම ස්මාරකය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
අද (04) දිනය වන විට මෙරටින් සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.
දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක සඳහා මෙතැනින් පිවිසෙන්න..