තරුණ ප්‍රජාව එන්නත් ගැනීම අත්‍යවශ්‍යයි - සෞඛ්‍ය අංශ (Video)
Monday, 04 October 2021 - 13:29 | Views - 3,784

තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා නොගැනීමට පෙළඹීම බරපතල තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද (04) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මේ වනවිට මෙරට පුද්ගලයින් එක්කෝටි හතලිස් පන්ලක්ෂ ඇසුදහස් දෙසීය හය දෙනෙකු කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර, මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දහඅට ලක්ෂ පනස් අටදහස් විසි නවයක්.
ඒ අතරින් මෙරට වයස අවුරුදු 20 ත්, 29 ත් අතර තරුණ තරුණියන් අතරින් කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 54.9% ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එම වයස් කාණ්ඩය අතරින් එන්නත් දෙකම ලබාගත් පිරිස 12.9% ක්.
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
එසේම, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 3,04,000 ක් අදත් මෙරටට රැගෙන එනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතලිහේ පළමු කොටස ලෙසයි.
නෙදර්ලන්තයේ සිට දෝහා කටාර් හරහා අද අලුයම දෙකට පමණ මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන ආ බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ.
Share This Article