අද සිට දින පහක් රැස්වන මැතිසබය
Monday, 04 October 2021 - 10:23 | Views - 917
අද සිට අඛණ්ඩ ව දින 05ක් පාර්ලිමේන්තුව රැස්වනවා.

අද විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු නියමිත ලෙස රැස්වීමට නො හැකි වුණා.

ඒ හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නො හැකි වූ ප්‍රශ්න සඳහා අද අවස්ථාව ලබාදීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

එමෙන්ම හෙට දින මුදල් හා බදු සම්බන්ධ නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වෙනවා.

බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් මෙරට දේශීය තෙල් හා වායු ගවේෂණය සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම, අර්ථ නිරූපණය කිරීම නියමිත පරිදි සිදු වනු ඇති.

මේ අතර, ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ද අද ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු සතියේ දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන හත් වැනි දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.

මීට පෙර ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 7 වැනි දා කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අතර, එම විමර්ශනවලට අදාළ ව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් යළි කැඳවා ඇත්තේ.

ඊට අමතර ව අනිද්දා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top