සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගැන්වූ 'හිරු මෙගා ස්ටාර්ස්' කිරුළ ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත් දෝතට (Video)
Saturday, 02 October 2021 - 23:54 | Views - 499
සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගන්වන රියැලිටි කලාවේ පෙරළිකාර වැඩසටහන 'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 කිරුළ ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත් දෙපළ සතු කරගත්තා.

මීට මාස 8කට පෙර ශ්‍රී ලාංකේය රූපවාහිනී තිරයේ දැවැන්ත පෙරළියක් සිදු කළ 'හිරු මෙගා ස්ටාර්ස්' තුන්වැනි දිගහැරුම (Season 03) ආරම්භ කෙරුණේ පෙබරවාරි 28 වැනිදායි.

මේ සුවිශේෂී රියලිටි TV වැඩසටහන මුලින්ම කළඑළි දුටුවේ 2017 වසරේදී යි.
 
කවදත් සිය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීම් තිළිණ කරන හිරු ටී.වී. ඔස්සේ ප්‍රේක්ෂක රසවින්දනය අලු‍ත් ඉසව්වක් කරා රැගෙන ආ 'හිරු මෙගාස්ටාර්ස්', ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණු තවත් අතිසාර්ථක ටෙලිවිෂන් අත්දැකීමක්.
 
'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 දිගහැරුම, ප්‍රේක්ෂක ජනතා රසවින්දනයේ කැඩපතක් බවට පත්වෙමින් තව තවත් ඉදිරියට ගියේ මෙරට අතිශය තරගකාරී රියලිටි වැඩසටහන බවට පත්වෙමින්.

රූපවාහිනිය, සිනමාව, නිරූපන ක්ෂෙත්‍රය නියෝජනය කරන, හැඩකාර, දඟකාර නළු නිළි යුවළ 32ක් මෙම අතිශය තරඟකාරී රියලිටි වැඩසටහන වටා එක්රොක්ව සිටියේ මෙගා ස්ටාර් කිරුළ හිස පැළඳීමේ පරම චේතනාවෙන්.
 
මාස 8ක් පුරා සතිඅන්ත 31ක් ඔබේ ආලින්දය නැටුමෙන්, ගැයුමෙන් රසවත් කළ මෙම රියලිටි TV වැඩසටහනේ අවසන් මහා තරගාවලිය සඳහා නර්තනයෙන් ඉහළම දක්ෂතා දැක්වූ යුවල හතරක් තේරී සිටියා.
 
ඒ ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත්, ඉරේෂා අසංකි සමඟ සලා‍‍, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු යන නිළියන් ප්‍රමූඛ වූ නර්තන යුවළ අතරේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ එකම රංගන ශිල්පියා වූයේ කැලු‍ම් ශ්‍රී සහ ඔහුගේ සහායිකාව වූ අශානි යි.
 
ඔවුන් මේ වන විට අවසන් වටය තුළදී සිය නර්තන හැකියාවන් හි විස්මය ප්‍රේක්ෂක ඔබ හමුවේ විදහා දක්වා අවසන්.
 
නර්තන ලීලාවෙන් සහ හැඟීම් ප්‍රකාශනයෙන් එලෙස වේදිකාව මත තැනෙන සෞන්දර්යාත්මක සංග්‍රාමයේ අවසන් විනිශ්චය සතුව ඇත්තේ ද අප සැමදාම පෙරමුණේ තබා සලකන අපගේ වත්කම වන, ප්‍රේක්ෂක ඔබ සුරතේයි.

අවසන් සංග්‍රාමයේ පළමු නර්තන වටයේදී තරග වැදුණේ ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත් සහ ඉරේෂා අසංකි සමඟ සලා‍ යි.

එහිදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් තරග වටය සඳහා ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් පියමැන්නේ ඉරේෂා අසංකිගේ හිරු මෙගාස්ටාර් කිරුලේ සිහිනය බොඳ කරමින්.

දෙවැනි නර්තන වටයේදී තරග වැදුණේ ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු සහ කැලුම් ශ්‍රී සමග අශානි යි.

තරගකාරී මෙම වටයේදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් අධියරට පියමනින්නට ශනුද්‍රි ප්‍රියසාද් සහ කවිඳු සුදුසුකම් ලැබුවේ අවසන් වටයට පිවිස සිටි  එකම තරගකරුවා වූ කැලුම් ශ්‍රී ගේ මෙගාස්ටාර් සිහිනය තවත් දුරස් කරමින්.

ඒ අනුව හිරු මෙගාස්ටාර් කිරුළ සඳහා අවසන් සටනට පිවිසුනේ ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිඳු සහ ඩිෂ්නි රාජපක්ෂ සමග ලලිත් යුවළයි.

හිරු මෙගාස්ටාර් වේදිකාව වර්ණවත් කළ මේ නර්තන ශිල්පීන් එකිනෙකා පරයමින් සිය කුසලතා ප්‍රකට කළේ අවසන් සටනේ උණුසුම තවත් වැඩි කරමින්.

වේදිකාවේ දැක්වූ නර්ථන පෙළහරට ලද ප්‍රේක්ෂක මනාපයෙන් හිරු මෙගාස්ටාර් සීසන් 03 කිරුළ දිනා ගන්නට ඩිෂ්නි රාජපක්ෂ සමඟ ලලිත් සමත් වුණා.

ඒ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන රුපියල් ලක්ෂ 15ක අති විශාල තෑගි මල්ලත් සමගින්.

මෙම ත්‍යාගය සහ ජයග්‍රාහී යුවළ වෙත අදාළ කුසලාන පිරිනැමීම සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින්.

අවසන් වටයේ දෙවැනි ස්ථානය දිනාගත් ඩිෂ්නි රාජපක්ෂ සමඟ ලලිත් යුවළ වෙත රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ද පිරිනැමුණා.

ඒ අනුව තරු පිරි රැයක උත්කර්ෂය සමාප්ත වූයේ මෙගාස්ටාර් ඊළග දිගහැරුමේ නර්තන පෙළහරකට වේදිකාව විවෘත කරමින්.




%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B7%82%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%27%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%27+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%A9%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B6%AD%E0%B6%A7
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top