කොවිඩ් අවදානම දෙසැම්බර් වන විට මෙරටින් තුරන් කිරීමේ හැකියාව (Video)
Saturday, 02 October 2021 - 19:45 | Views - 1,973
පනවා තිබෙන තවත් යම් යම් සීමා මෙම මස ( ඔක්තෝබර් ) 16 වනදායින් පසු තවත් ලිහිල් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලු දෙනාම පවතින සීමා යටතේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මඟින් පවතින වසංගත තත්ත්වය දෙසැම්බර් මාසය වන විට මෙරටින් තුරන් කිරීමේ හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය යටතේ පසුගිය අවුරුද්දේ සිට මෙරටට විටින් විට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. තිබුණු සීමා තරමක් හෝ ඉවත් කර රට අවසන් වරට විවෘත කරනු ලැබුවේ ඊයේ (01) දිනයේදීයි.
Share This Article