30ට වැඩි සියලු ම පුද්ගලයින් එන්නත් කර අවසන් (Video)
Saturday, 02 October 2021 - 19:13 | Views - 243

රට විවෘත කිරීමෙන් පසු ජනයාගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
එසේම මෙරට සිටින වයස අවුරුදු 30ට වැඩි සියළු පුද්ගලයින් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.
කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරටට ඊයේ (01) ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයට ගිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙරට සිටින වයස අවුරුදු 30ට වැඩි සියළු පුද්ගලයින් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.
එම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී.ටෙප්ලිස්ට් ද සහභාගි වුණා.
එසේම වයස අවුරුදු 12ත්, 19ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත්කරණයට ලක් කිරීමේ වැඩසටහන අද දිනයේ දිවයින පුරා ක්‍රියාත්මකයි.
දෙවන දිනයේ පුද්ගලයින් 72,405ක් සඳහා පළමු සහ දෙවන මාත්‍රා ලබාදී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
එමෙන්ම, ඊයේ රට යළි විවෘත කිරිමෙන් පසු මහජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ නිරෝධායන ඇදිරි නීතිය අවසන්ව තිබුණ ද මගී දුම්රිය ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන්, මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සැලැස්මක් සකස් කර නොමැති බවයි.
කෙසේ වෙතත්, මහනුවර දී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ දුම්රිය සේවය මෙන්ම අන්තර් පළාත් බස් ධාවනය ද ආරම්භ කිරීම සති දෙකක් යන තුරු කල් දැමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත බවයි.
Share This Article