ප්‍රාථමික පාසැල් විවෘත කිරීමේ සැලසුමක් (Video)
Saturday, 02 October 2021 - 17:41 | Views - 3,808
මේ මස අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් විවෘත කිරීම ඉලක්කය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මාදිවෙල ග්‍රාමීය ජනතාපොළේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
කොවිඩ් -19 රෝගය පාලනය කිරීමේ අරමුණින් පසුගිය වර්ෂයේ සිටම පාසැල් වරින් වර වසා දමනු ලැබුවා. එම නිසා තවමත් රටේ දු දරුවන් අධ්‍යාපනය ලබන්නේ ඔන්ලයින් මාර්ගය ඔස්සේ යි.
කෙසේ වෙතත් මෙසේ පාසැල් ඇරඹීමට විෂයභාර ඇමතිවරයා සුදානම් වන්නේ , පසුගිය දිනක ගුරු වෘර්තිකයන්ගේ වැටුප් ගැටළුව මුල්කර ගනිමින් ඇරඹුණු විරෝදය තවමත් විසඳුමකට එලබී නොමැති පසුබිමකයි.
Share This Article