යොහානි ඉන්දියාවේදී අනතුරකට ලක්වෙයි
Saturday, 02 October 2021 - 17:08 | Views - 6,960
සංගීත ප්‍රසංග දෙකකට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා අනතුරකට ලක්ව තිබෙනවා.නවදිල්ලි නුවර පැවති පළමු ප්‍රසංගය අතරතුර ගිටාරයේ උඩ කොටස මුහුණේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තම ඇසට පහළ කොටසේ තැලීමකට ලක්ව ඇති බවයි ඇය සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කළේ.කෙසේ වෙතත් තමන් මෙලෙස අනතුරකට මුහුණදුන්න ද හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන අනෙක් ප්‍රසංගයට සහභාගි වන බව යොහානි ද සිල්වා සඳහන් කළා.

Share This Article