මැණිකේ මගේ හිතේ යොහානිගේ හඩින් ඉන්දියාවේ ගැයුණු හැටි (Video)
Friday, 01 October 2021 - 15:34 | Views - 853
මැනිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ගීත රසිකයන් වසඟයට ගත් ශ්‍රී ලාංකික ගායිකා යෝහානි දිලෝකා ද සිල්වා ඇයගේ පළමු ඉන්දීය සංගීත ප්‍රසංගය ඊයේ සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුරුග්‍රෑම් හිදී පැවැත්වුණා.
ස්ටුඩියෝ එක්ස්ඕ (Studio XO) හිදී පැවැත්වෙන මෙම ප්‍රසංගයේ නම් කර ඇත්තේ සුපර්මූන් නව් ට්‍රෙන්ඩිං (supermoon now trending) ලෙසයි.
නව මාධ්‍ය ඔස්සේ සිය කුසලතා ප්‍රකට කළ ගායක ගායිකාවන් සහ විකට ක්ෂේත්රයේ නැගී එන තරු සඳහා වෙන්ව ඇති මෙම නව වේදිකාවේ පළමු අත්හදාබැලීම වන්නේද යොහානිගේ ප්‍රසංගයයි.
මෙම සජීවී ප්‍රසංග නිර්මාණ කරනය හරහා මෙම නැගී එන කලාකරුවන් ඔවුන්ගේ රසිකයින් අතරට සෘජුවම සමීප කිරීම මෙම ප්‍රසංග මාලාවේ අරමුණයි.
රොහානි සිය දක්ෂතා ප්‍රකට කරන මෙම ප්‍රසංග මාලාවේ දෙවැන්න ඔක්තෝබර් මස තුන්වන දා හයිද්‍රාබාද් හි ගචිබෝව්ලි හාර්ට් කප් කෝෆී හිදී පවැත්වෙනු ඇති.
ඊයේ දිනයේ පැවැති එම සංගීත ප්‍රසංගයට පිරිසක් එක්ව සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
Share This Article