වාහන, දේපල නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස මහබැංකුවෙන් උපදෙස්
Friday, 01 October 2021 - 12:39 | Views - 2,681
සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම අද (01) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා.
එහිදී මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, ඊළඟ මාස 6 තුළ දී "පරාටේ ගිවිසුම" හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින්න ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවයි.
මේ අතර, වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.
තවද , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළියට සහනයක් ලබාදීම සඳහාද , මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර ඇති බවද හෙතෙම සඳහන් කළා.
Share This Article