කොසු මිටෙන් පහරදීම හේතුවෙන් සිහිසුන්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු පාසල් සිසුවෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගාල්ල - මහමෝදර - සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.
පොලීසිය ප්‍රකාශ කළේ පාඩම් කරන ලෙස පවසා පියා විසින් ඊයේ පස්වරුවේ දරුවාට පහර දී ඇති බවත් එහිදී සිහිසුන් වූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.