පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳුදා සිට විවෘත වෙයි
Thursday, 30 September 2021 - 15:42 | Views - 1,105

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කෙරෙනු ඇති.
එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සඳහන්.
නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වනවා.
එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර, අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට නියමිතයි.
තවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල අත්හිටුවන ලද සේවා හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.
කෙසේවෙතත් අත්‍යවශ්‍යය සේවා ඉටු කර ගැනීමට 011 යි 2 යි 677 යි 877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් සදහන් කළේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ මත සිදුකරන බව සදහන්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබද විමසීම සඳහා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා කාලයේදී වාහන ලියාපදිංචියට අදාළව 0707677877 අංකයටත් , රියදුරු බලපත්‍ර සදහා 0707677977 යන දුරකථන අංකයටත් අමතන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.
Share This Article