හෙට සිට යළි සක්‍රිය වන රාජ්‍ය සේවය
Thursday, 30 September 2021 - 10:02 | Views - 3,145
අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

හෙට රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

මේ සඳහා වන චක්‍රලේඛය ද අද නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට බරපතළ ලෙස කැප වන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවන් බවත් කොරෝනා පිළිබද ජාතික තීන්දු ගන්නා මණ්ඩලවලට එම වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි කර නො ගැනීම පිළිබද ව වෘත්තීය සමිති විරෝධය පළ කරනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවති කොවිඩ් 19 කම්කරු කාර්ය සාධක සභාවට එක්වෙමින් එම වෘත්තීය සමිති මෙම විරෝධය එල්ල කළා.

අවම වශයෙන් සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යවරයා හෝ සහභාගි කර නො ගැනීම නිසා තමන්ගේ අදහස් හා යෝජනා කොරෝනා තීන්දු තීරණ ගන්නා ජාතික සාකච්ඡා මණ්ඩලවලට දැනුම් දීමට අවස්ථාවක් නො ලැබී ඇති බවයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම හෙට දිනයේ දී රට විවෘත වුවත් සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නො කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

එමෙන්ම, බස් රථ ධාවනය වන්නේ ද පළාත තුළ පමණක් බව ද ඔහු කියා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top