නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වෙනිදා ඉවත් කෙරේ (Video)
Wednesday, 29 September 2021 - 18:01 | Views - 817
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් මස 1 වන දා අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා විසින් ඊට අදාළ උපදෙස් ලබාදී ඇති අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
මේ අතර සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.
ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
Share This Article