නව සහල් සිල්ලර මිල - සහල් මෝල් හිමියන්ගේ නිවේදනය
Tuesday, 28 September 2021 - 16:04 | Views - 534
රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින් ඉදිරියට වෙළදපළේ සහල් අලෙවි කරන මිල ගණන් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක්  රුපියල් 115කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 165කටත් අලෙවි කරනු බවයි ඔවුන් ප්‍රකාශ කළේ.  

මීට පෙර රජය විසින් කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95කටත්, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 98කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 103කටත් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125ක  උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළ අතර සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමටයි තීරණය කළේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ එම තීරණවලින් අනතුරුවයි මහා පරිමාණ වී මෝල් හිමියන්  පොළොන්නරුවේදී අද මාධ්‍ය හමුවක් කැදවමින් නව සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කළේ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top