ශ්රී ලංකාව උදාහරණයට ගෙන ඕස්ටේලියාව දුන් අනතුරු ඇඟවීම
Tuesday, 28 September 2021 - 14:45 | Views - 932
ආණ්ඩුවේ වියදම් අවම කර නො ගතහොත් ශ්රී ලංකාව සහ ආජන්ටිනාව මුහුණ දී ඇති තත්වයට ඕස්ටේ්රලියාව ද පත්වනු ඇති බව එරට ධනවත්ම කාන්තාව වන ගිනා රයින් හාට් ප්රකාශ කර තිබෙනවා.
කෘතියක් රචනා කරමින් ඇය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ඕස්ටේ්රලියානු ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ශ්රී ලංකාව සහ ආජන්ටිනාව ගමන් කළ මාර්ගයේ බවයි.
පසුගිය වසරේ දී ඕස්ටේ්රලියාවේ අයවැය හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 167ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත වැඩිවීමක්.
මේ හේතුවෙන් ධනය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බව ඕස්ටේ්රලියාවේ ධනවත් ම කාන්තාව වන ගිනා රයින්හාට් සඳහන් කළා.
මේ වනවිට 67 වන වියේ පසුවන ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31ක්.
Share This Article